රඹුක්කන සිට කොළඹ ප්‍රධාන මාර්ගයේ මළ සිරුරක් තිබීම හේතුවෙන් අද දුම්රිය ගමනාගමනය ප්‍රමාද වී සිදු විය.
ඒ අනුව අඹේපුස්ස දුම්රිය මාර්ගයේ මියගොස් සිටි පුද්ගලයා වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි අයෙකු බවට හදුනාගෙන තිබේ.
පසුව පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට පැමිණ මළ සිරුර ඉවත් කර ගන්නා තෙක් පැය එක හමාරක පමණ කාලයක් දුම්රිය නවතා තැබීමට සිදුව තිබිණි.
කෙසේ වුවද මේ වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව තිබේ.