ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගමේ සාක්ෂි විමසීම අද ආරම්භ කරයි

Share

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හා මිහින් ලංකා ගුවන් සමාගමේ සිදුවූ බව කියන දූෂණ අක්‍රමිකතා සොයා බැලීම සඳහා පත්කළ ජනපති කොමිසම සාක්ෂි විමසීම අද (04දා) ආරම්භ කර තිබේ.

2006 ජනවාරි මස 1 වනදා සිට 2018 ජනවාරි මස 31 වනදා දක්වා කාලය තුළ අදාළ සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා සොයාබැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම කොමිසම පත් කරනු ලැබුවේ පෙබරවාරි මස 2 වනදායි.

Read more

Local News