“පිවිතුරු පුරවර” පළමු වැඩසටහන 8 වැනිදා මීගමුව වෙරළ උද්‍යානයේදී

Share

නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයවීමේන් “පිවිතුරු පුරවර” වැඩසටහනට අනුව ඉදිකිරීමට යෝජිත මීගමුව අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජූනි 8වෙනි දින පෙරවරු 10.00ට මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැත්වේ.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් කීම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තනාපති ජෝන් මරන් ෂු, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ තනාපති තුන්-ලයි මාර්ග්, මීගමුව මහ නගර සභාවේ නගරාධිපති දයාන් ලන්සා සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්.වී හපුආරච්චි යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයිගේද සහභාගිත්වයෙන් ‌මෙය පැවැත්වේ.

ශ්‍රී ලංකා රජයේ හා යුරෝපා සංගමයේ අධාර එක්ව ප්‍රංශ සංවර්ධන ආයතනයේ ණය ආධාර ඇතුලත්ව රුපියල් බිලියන විස්සක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත. 2022දී මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ වීමත් සමග ප්‍රතිලාභීන් 75000කට සෙත සැලසේ.

මෙය නගර සැලසුම් හා ජල සම්පාදන ඇමතිතුමාගේ උපදේශකත්වය මත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන “පිවිතුරු පුරවර” වැඩ සටහන යටතේ ක්‍රියාත්මක කරන පළමු ව්‍යාපෘතිය වේ.

Read more

Local News