ගජමුතු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මාතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මාතර, කැකනදුර ප්‍රදේශයේදී මෙම පුද්ගලයින් දෙදෙනාාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් සතුව තිබී ගජමුතු දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත.
මොවුන් 34 හැවිරිදි සහ 39 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
මාතර පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් අද (06) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි.