‘කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ඇරඹෙයි

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (06) අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවති, සිය සංකල්පයකට අනුව නිර්මාණය වූ ‘2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සඳහන් කළ‌ේ,

දැයේ දරුවන් හට කියවීම ඇබ්බැහි කරවීම අධ්‍යාපන අමාත්‍යාංශයේ පරමාර්ථය වන බවත්, විවිධ අහිතකර පුරුදු සහ නොයෙක් විෂමාචාර ක්‍රියාවලට ඇබ්බැහි වීමේ අවධානමක් ඇති තරුණ සමාජයකට කියවීම ඇබ්බැහි කරවීම විප්ලවීය සංකල්පයක්ම වන බවයි.

දරුවන් තුළ කියවීම ඇබ්බැහි කරවීම යනු දැනුමෙන් සහ බුද්ධියෙන් සවිබල ගැන්වුනු අනාගත පරපුරක් රටට නිර්මාණය කිරීමක් වන බවත් ඒ තුළින් රටේ සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් සැකසිය හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සීමා මායිම්වලට කොටු නොවී කියවීම ඉතා පුළුල් පරිසරයකට විහිදුවාලමින්, විවිධ වර්ගයේ පොත් කියවීම තුළ විවිධ අංශවලින් දැනුම් වර්ධනය කරගැනීමට ළමුන් පෙළඹවිය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළා.

‘2018 – 2019 කලණ මිතුරු පොත් සුමිතුරු’ තිරසර කියවීම් වැඩසටහට අදාළ චක්‍ර‍ලේඛය සහ උපදෙස් සංග්‍රහය පිළිගැන්වීම මෙන්ම එම වැඩසටහන යටතේ ජයග්‍රාහී සිසුන්ට පිරිනැමෙන රිදී, රන් සහ ප්ලැටිනම් පදක්කම් එළි දැක්වීම ද අද සිදුවුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතිනි.

Read more

Local News