පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

Share

ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කොට යහපත් මහජන සේවාවක් ලබා දීම සදහා වත්මන් රජය මගින් ගෙනයන වැඩපිළිවෙල යටතේ මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට නියමිතය.

ජූනි 17 වැනි දින පෙ.ව. 09.00 ට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙ‌රේ.

මෙම ගොඩනැගිල්ල සදහා ලක්ෂ 158 ක මුදලක් වැය කොට තිබේ.

මෙම ගොඩනැගිල්ලට අමතරව පූජාපිටිය උග්ගහකුඹුර සහ ගලගොඩහේන නිල සෙවණ කාර්යල සහ කුණ්ඩසාලේ අමුණුගම උතුර සහ හපුවෙල නිල සෙවණ කාර්යාල හතරද එදින අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරෙනු ඇත.

එක් නිල සෙවණ කාර්යාලයක් සදහා වැය කොට ඇති මුදල ලක්ෂ 19ක් පමණ වෙයි.

Read more

Local News