දැයේ දරු පරපුර රැක ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව එක්විය යුතුයි – ජනපති

Share

මෙරට දරු පරපුර දැනට සමාජය තුළ පැතිර යන විවිධ ව්‍යසනයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයක් ලෙස පුළුල් අවධානයකින් කටයුතු කරන අතර, ඒ උදෙසා සියලු පාර්ශ්වයන් කොන්දේසි විරහිතව සිය දායකත්වය ලබාදිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

“දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන එම වැඩපිළිවෙළහි ප‍්‍රමුඛ පියවරක් වන අතර දරුවන්ගේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ඔවුන්ට යහපත් අනාගතයක් උදාකරලීම එහි අරමුණ බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි.

ජාතියේ ජීවනාලිය වන දරු පරපුර ආරක්ෂාකර ගැනීම සහ ඔවුන්ගේ කායික, මානසික සංවර්ධනයට හිතකාමී වඩා යහපත් පරිසරයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලයේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබේ.

සමාජය තුළ දැනට පැතිර පවතින විවිධ ව්‍යසනයන්ගෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීම ප‍්‍රමුඛ අවශ්‍යතාවයක් ලෙස හඳුනාගෙන අපයෝජනය අපහරණය වැළැක්වීම, ආරක්ෂාව තහවුරු කිරීම සෞඛ්‍ය පෝෂණය හා සුබසාධනය, පෞරුෂ සංවර්ධනය අධ්‍යාපන හා ජීවන කුසලතා නැංවීම යන පස්වැදෑරුම් අංශ ඔස්සේ මෙම වැඩසටහන දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇත.

ඉතිහාසයේ ප‍්‍රථම වරට අමාත්‍යාංශ 14 ක්, දෙපාර්තමේන්තු 05 ක්, ආයතන 06 ක්, පළාත් සභා 09 ක් සහ සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන ඒකාබද්ධ කරගනිමින් විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර 2017 සිට 2019 දක්වා තෙවසරක සැලැස්ම සඳහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 5232.6 කි.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ දරුවන් වෙනුවෙන් මෙතෙක් කි‍්‍රයාත්මක වූ වැඩසටහන් අතරින් “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහන සුවිශේෂී වන්නේ එය දිවයිනම ආවරණය කරමින් ඉතා සකී‍්‍රය සහ ප‍්‍රායෝගික අන්දමින් සියලු පාර්ශ්වයන් එක් කර ගනිිමින් කි‍්‍රයාත්මක ව්‍යාපෘතියක් වීම නිසා බවයි.

 

එමෙන්ම යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල යුද හමුදාව විසින් මෙතෙක් භාවිතා කළ ඉඩම් අක්කර 120.89 ක් නැවත එම ජනතාව වෙත නිදහස් කිරීම ද “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුවේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Read more

Local News