කිලිනොච්චිය‌ේ දිවියා මරාදැමීම පිළිබඳ පරීක්ෂණයක්

Share

කිලිනොච්චිය ප්‍රදේශයේ ගම්මානයට කඩාවැදුණු දිවියෙකු මරා දැමීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් ඊය‌ේ (21) දින වාර්තා විය.

ඒ අනුව ම‌ෙම දිවියා මරා දැමීම සම්බන්ධව රජය පරීක්ෂණයක් සිදු කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අද (22) පාර්ලිමේන්තුවේ දී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය.

දිවියා මරා දැමීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කර වගකිව යුතු පිරිස් අත්අඩංගුවට ගත යුතු බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද අඳහස් දක්වමින් පැවසී ය.

Read more

Local News