මැදිරිගිරිය ප්‍රදේශයේ නිවසකින් බොම්බ ඇතුළු යුද උපකරණ සමග යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට

Share

පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ නිවසකින් බොම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සමග යුද හමුදා සෙබළෙකු අද (04දා) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

ඒ අනුව එම නිවසේ තිබී ටී 56 ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ පිරවූ මැගසින් 06 ක් එම මැගසින් රඳවන 03 ක් පුද්ගල නාශක බෝම්බ 02ක්, යුධ හමුදා නිල ඇඳුම් කට්ටල කිහිපයක් සහ යුධ හමුදාව භාවිත කරන ජල බෝතල් 03 ක් ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බව පොලිසිය සදහන් කළේය.

අදාළ නිවසේ මවක පමණක් පදිංචිව සිටි අතර ඇය පවසන පරිදි තමන්ගේ දරුවන් දෙදෙනෙකු යුද හමුදා සේවයේ නිරත බවයි සඳහන් වන්නේ.

Read more

Local News