සමූපකාර දින ජාතික සැමරුම් උළෙල අද

Share

ජාත්‍යන්තර සමුපකාර දිනය සෑම වසරකම ජූලි මස පළමුවන සෙනසුරාදා දිනයේදී සැමරේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය අදට යෙදී ඇත.

මෙවර ජාත්‍යන්තර සමූපකාර දිනය ශ්‍රී ලංකාවේ සමරනු ලබන්නේ නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ වේබර් ක්‍රීඩාංගණයේදී බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍යාංශය පවසයි.

ලෝකයේ සමූපකාර ව්‍යාපාරයට දිගු ඉතිහාසයක් පවතී. වර්ෂ 1844 දී සමූපකාර ව්‍යාපාරය විධිමත් අයුරින් ආරම්භ වන්නේ එංගලන්තයේ රොච්ඩේල් නගරය කෙන්ද්‍ර කරගෙන පිහිටවනු ලැබූ සාධාරණත්වයේ පුරෝගාමීන්ගේ සමාජය මඟිනි. මෙම සමූපකාර ව්‍යාපාරයේ පිතෘවරයා ලෙස සැලකෙන්නේ රොබට් ඕවන් මහතාය.

වර්ෂ 1922 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර සමූපකාර දිනය නම් කළ අතර එතැන් පටන් වසරක් පාසා ජූලි මස පළමු සෙනසුරාදාට ජාත්‍යන්තර සමූපකාර දිනය යෙදී තිබේ.

මෙවර පැවැත්වෙන්නේ 96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයයි. මෙවර තේමාව වන්නේ “තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය” යන්නයි.

Read more

Local News