කිරිබත්ග‌ොඩ මනුෂ්‍ය ඝාතනයක්

Share

අද (09) අලුයම 3.00ත් – 3.30 ත් අතර කාලයේ දී කිරිබත්ග‌ොඩ ප‌ොලිස් වසමේ නාහේන ගැමුණු මාවතට හැ‌රෙන හංදිය අසල නිවසක දී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇත.

මෙලෙස මියගොස් ඇති තැනැත්තා වත්තල හැදල හංදියේ ත්‍රීරෝද රථ රියදුරකු වන අතර ඔහුගේ නිවසට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිහියෙන් ඇන මෙම ඝාතනය සිදු කර ඇත.
පිහියෙන් ඇනීමෙන් අනතුරුව මරණකරු ත්‍රීරෝද රථයෙන්ම නිවසින් රැගෙන ගොස් එම ප්‍රදේශයේම අතුරු මාර්ගයක දමා ගොස් ඇති බව ද පොලීසිය පවසයි.
කිරිබත්ග‌ොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Read more

Local News