ක්‍රොඒෂියාව එංගලන්තය පරාජය කරයි – ප්‍රංශය හා ක්‍රොඒෂියා අවසන් මහා සටනට

Share

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී ඊයේ (11) පැවැත්වුණි.

ඒ, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර ය.

තරඟය ගෝල 2 – 1ක් ලෙස එංගලන්තය පරාජය කළ ක්‍රොඒෂියාව අවසන් මහා තරඟයට සුදුසුකම් දිනා ගනු ලැබීය.

ක්‍රොඒෂියාව සිය පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරඟාවලියක අවසන් තරඟයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වේ.

ඒ අනුව ලබන ඉරිදා (15) පාපන්දු අවසන් මහා තරඟය ප්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනු ඇත.

Read more

Local News