කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා හැදෑරු නව සංග්‍රාමික කිමිදුම්කරුවන් 40 දෙනෙකුට නිල ලාංඡන පළඳවයි

Share

මුලතිව්, නයාරු ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේහි පාඨමාලා අංක – 5 සාර්ථකව හැදෑරු නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 38 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය දා මුලතිව්, නයාරු මුහුදු වෙරළට ආසන්නව පැවති වර්ණවත් උත්සවයක දී විසිරයන ලදි.

සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ දී දින 90 ක් පුරා පැවැති මෙම පාඨමාලාව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබාදුන් ඉතා වෙහෙසකර පුහුණුවක් වූ අතර, එහිදි මූලික කිමිදුම් පාඨමාලාව හැදැරූ දක්‍ෂ කිමිදුම්කරුවෙකුවීමට අවශ්‍ය කිමිදුම් ක්‍රමෝපායන්, ආරක්‍ෂිත ඉරියව් ආදිය මෙම පාඨමාලාව තුළින් පුහුණුව හැදැරූවන් හට අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් සංග්‍රාමික කිමිදුම් පුහුණු පාඨමාලා අංක -5 හි සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය පිරිනමනු ලැබීය.

Read more

Local News