කඩුවෙල – කොළඹ මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

Share

නවගමුව කොතලාවල සංඛ පිට්ථි විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් කඩුවෙල – කොළඹ මාර්ගයේ ගමනා ගමනය සීමා කර තිබේ.

2018 ජූලි මස 27 වන දින රාත්‍රී 8 සිට රාත්‍රී 12 දක්වා විහාරස්ථානයේ සිට කොතලාවල කඩුවෙල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

පෙරහැර ජූලි මස 20 වන දින සිට ජූලි මස 26 වන දින දක්වා පැවැත්වෙන අතර අවසන් මහා පෙරහැර 27 වන දින පැවැත්වෙයි.

ඒ අනුව පෙරහර ගමන් කරන කාල සීමාව තුළ වාහන ගමනා ගමනය සීමා කර තිබේ.

Read more

Local News