ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනතා අයිතියට

Share

ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “ගම හදන ගමන” වැඩසටහනේ පළමු වැඩසටහන පසුගිය දා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර එහි දී ඉදිරිපත් වූ පිරිසිදු පානීය ජල ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් පුත්තලම නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ සිට ඊයේ (24) පස්වරුවේ විවෘත කරනු ලැබීය.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහනේ මෙහෙයවීමෙන් එම ජල පද්ධති ස්ථාපිත කර තිබේ.
එම අවස්ථාව උත්සව භූමියේ සිටි ජනතාවට සජීවීව දැක ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම් ද සලසා තිබුණු අතර උත්සව භුමිය තුළ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් රැදී සිටිමින් ඊට දායකත්වය දැක්වූහ.
නවගත්තේගම ප්‍රාථමික විද්‍යාලය, ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය සහ දංකොටුව මැටිකොටුව නෙළුම් උයන ප්‍රාදේශීය සභාව සතු උයනේ මෙම ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධති ස්ථාපනය කර තිබේ.

Read more

Local News