කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක්

Share

අද රාත්‍රී 9 සිට හෙට උදෑසන 6 දක්වා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 9ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එ් අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන නළ මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, කළුබෝවිල, නැදිමාල සහ නුගේගොඩ ඇතැම් ප්‍රදේශවලට ජලය කපා හැරෙනු ඇත.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ මීට අමතරව රාජගිරියේ රෝයල්පාක්, ලේක් ගාඞ්න් සහ බණ්ඩාරනායකපුර මෙන්ම පැලවත්ත සහ මුල්ලේරියාව ප්‍රදේශවලට අඩු පීඩනය යටතේ ජලය සැපයීම සිදුකෙරෙන බවයි.

Read more

Local News