නිල සෙවණ කාර්යාල 12 ක් ජනතා අයිතියට පත් කිරීම අද

Share

‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඉදිකළ නිල සෙවණ කාර්යාල 12 ක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් අද (03) සිකුරාදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ම‌ෙම  ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක ව‌ෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.

බටහිර හොරගල, උඩුමුල්ල, යටවතුර, පිටුම්පේ උතුර, උග්ගල්ල, අංගම්පිටිය, ගුරුලාන, තුන්මෝදර, වැලිකන්න, පහල කොස්ගම, කුඩගම, මාවතගම බටහිර මෙසේ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි.

නිල සෙවණ කාර්යාලයක් සඳහා රජය වෙන් කරනු ලබන මුදල රුපියල් ලක්ෂ 20කි.

Read more

Local News