බෙන්තර අංගාගොඩට බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට

Share

රජයේ දින සියයේ වැඩසටහන යටතේ වෙන් කරන ලද ප‍්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 15 ක වියදමින් බෙන්තර අංගාගොඩ 02 ග‍්‍රාම නිලධාරි වසමේ ඉදි කරන ලද බහුකාර්ය ගොඩනැගිල්ල ඊයේ (02) ජනතා අයිතියට පැවරිණි.
ඒ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතිනි.
මහල් තුනකින් ඉදිකිරීමට නියමිත මෙම ගොඩනැගිල්ලේ පළමු අදියර ලෙසට මෙහි බිම් මහළ ඉදි කර ඇත. මෙමඟින් ප‍්‍රදේශයේ ජනතාවට එක වහළක් යට දී ග‍්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි හා ආර්ථික සංවර්ධන නිලධාරි යන රාජ්‍ය නිලධාරින්ගේ සේවය ලබා ගැනීමට පහසුකම් සපයා ඇත. ඉදිරි ප‍්‍රතිපාදන මඟින් මෙහි දෙවන මහලේ ශ‍්‍රවණාගාරයක් ඉදිකිරීමට නියමිතය.

Read more

Local News