ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය කිරීම නතර කරයි

Share

ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇති බව, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

පසුගිය කාලයේ ඉන්දුනිසියාව සහ පිලිපීනය යන රටවලින් මෙරටට පොල් මද මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ගෙන්වනු ලැබ ඇත.

මේ වන විට ප්‍රමාණවත් තරම් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඔවුන්ට මෙරටින් පොල් මිලදී ගැනීමට හැකිවීම හේතුවෙන් ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇති බවයි වාර්තා වන්න‌ේ.

 

Read more

Local News