ඉදිරි දින වල සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක්

Share

ඉදිරි දින වලදී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල) සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිකුත් කළ නිවේදනයේ සඳහන් ව‌ෙයි.

කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුරුමැද, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ. ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති විය හැක.

Read more

Local News