සපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට

Share

සපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා විසින් විවාදය ආරම්භ කරමින් මෙසේ සඳහන් කළේ ය.

මෙම පනත ප්‍රගතිශීලී පනතක්. මේ පනත දූෂණයට එරෙහිව රට ඉදිරියට තබන පනතක්. අපේ රටේ අධිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා. ත්‍රස්තවාදි ක්‍රියාවන් එක රටකට සීමා වන්නේ නෑ. අද ත්‍රස්තවාදය හා සම්බන්ධ හා සම්බන්ධ නොවන මූල්‍ය අපරාධ තිබෙනවා. තාක්ෂණය දියුණු නිසා එක රටක සිට වෙනත් රටක අපරාධ කරන්න පුළුවන්. අන්තර්ජාලය හරහා අපරාධ කරනවා. බැංකු කඩන එක බොහොම සංකීර්ණයි. නඩු කටයුතුවල දී පුළුල් අවකාශයක් අවශ්‍යයි.

මූල්‍ය අපරාධ ගැන සළකා බලද්දි අපගේ නීතිය ඉදිරියට යා යුතුව තිබෙනවා. අපේ නීතිය ලෝකයේ නීති සමඟ යාවත්කාලීන කළ යුතුව තිබෙනවා. පරිගණක දත්ත ආශ්‍රිත අපරාධ සඳහා විමර්ශන සිදු කිරීම, අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය ලබාගැනීමට මේ සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම පනතට බිය වන්නේ ත්‍රස්තවාදීන් පමණයි. මේ සංශෝධනය හරහා අල්ලස දූෂණයට එරෙහි නීතිය ශක්තිමත් වෙනවා. කිසිවෙකුට ලෝකයේ සෑඟවී සිටීමට නොහැකි වෙනවා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News