මිලියන 50ක වියදමින් මාතලේට නව බස් නැවතුම් සංකීර්ණයක්

Share

මාතලේ නගර සංවර්ධන වැඩසටහනට සමගාමීව රුපියල් මිලියන 50 ක වියදමින් ඉදිවන මාතලේ නගරයේ ගොංගාවෙල බස්නැවතුමේ සංවර්ධන කටයුතු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කරනු ලැබිය.

මාතලේ නගරයේ ස්ථාන කීහිපයක බස්රථ නැවතුම් වශයෙන් භාවිත වීම නිසා මගීන් දැඩි අපහසුතාවයකට පත්වි සිටිහ. ඇතැම් බස් නැවතුම්වල මුලික පහසුකම්වත් නොතිබිණි. නව බස් නැවතුම්පල සියලු පහසුකම්ලින් යුතුව කඩිනමින් මාස10 තුළ අවසන් කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මාර්ග තදබදය රටේ සංවර්ධනයට බාධාවක් බවට පත්ව ඇති බව නව බස්නැවතුමේ වැඩ කටයුතු සමාරම්භක උළෙලට සහභාගි වෙමින් අදහස් දැක්වු මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read more

Local News