දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.
අනුරාධපුර, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවේ.
දිවයින පුරා විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.