ක්‍රිකට් දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම ලැබීමට අකිල ධනංජය සමත් ව‌ෙයි

Share

එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නෙක් වශයෙන් සිය හොදම ශ්‍රේණිගත කිරීම වාර්තා කිරිමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සමත්වී තිබේ.

ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 21 වැනි ස්ථානයට පත්වෙමිනි.

ඔහු ප්‍රසාද ලකුණු 600ක් ලබාගෙන ඇති අතර එය ඔහුගේ ඉහළම ලකුණු සංඛ්‍යාව වෙයි.

ඒ අනුව පන්දුවාර 50 තරඟාවලීය‌ේ ද මේ වන විට ශ්‍රී ලංකාවෙන් ඉහළම ශ්‍රේණිගත කිරීමක් ලබාගෙන ඇති ක්‍රීඩකයා ලෙස අකිල පත්විය.

Read more

Local News