ගංඟා ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය‌ෙන් ඉල්ලීමක්

Share

දැනට පවතින වැසි තත්ත්වයත් සමඟ මධ්‍ය කඳුකරයේ බොහෝ ජලාශවල වාන් දොරටු විවෘත කිරීමක් සිදු කොට ඇති බැවින් ගංඟා ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ඉල්ලා සිටී.
පවතින වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට ලක්ෂපාන, කැනියොන්, නෝර්ටන්බ්‍රිජ්, මාඔස්සාකැලේ මෙන් ම ඉහළ කොත්මලේ යන ජලාශයන් හි වාන් දොරටු විවෘත කොට ඇත.
එමෙන් ම වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්තයන්ට අනුව කිතුල්ගල හා නෝර්වුඩ් යන ප්‍රදේශවල කැලණි ගඟේ ජල මට්ටමේ සුළු වැඩිවීමක් පෙන්නුම් කරන බවත් නාවලපිටිය ප්‍රදේශයෙන් මහවැලි ගඟේ ජල මට්ටමේ වැඩිවීමක් ද පෙන්නුම් කරන බැවින් මේ පිළිබඳ ව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read more

Local News