වවුනියාව ළිඳක තිබී මවකගේ සහ බිලිඳෙකුගේ මළ සිරුරු හමුවෙයි

Share

වවුනියාව කූමාන්කුලම් ප්‍රදේශයේ ගෙවත්තක තිබූ ළිඳකින් මවකගේ සහ කුඩා දරුවෙකුගේ මළ සිරුරු අද (15) උදෑසන සොයාගත් බව වවුනියාව පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා අද උදෑසන රැකියාව සඳහා නිවසෙන් බැහැරව ගොස් ඇති අතර පසුව අසල්වැසි කාන්තාවක් විසින් නිවසේ කිසිදු ශබ්දයක් නොමැතිකමින් ඒ පිළිබඳ පරික්ෂා කිරීමේදී අසල පිහිටි ළිඳේ තිබූ මළ සිරුරු දෙකක් දැක එම අවස්ථාවේදී වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.

මියගොස් ඇති අය සියදිවි හානි කොට ගෙන ඇත්තේද නැතිනම් ඝාතනය කොට ඇත්තේද යන්න පිළිබඳ මේ වන විට වවුනියාව පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව මහරෝලේ තැන්පත් කොට ඇත.‍

වවුනියාව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News