මොණරාගල “දෙව්පුදගම” උදාගම්මානය හෙට ජනතා අයිතියට

Share

යහපාලන රජයට වසර තුනක් පිරීම නිමිත්තෙන් නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන 107වන උදා ගම්මානය වන මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව, කොටියාගල “දෙව්පුදගම” හෙට (17) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරේ.
මෙහි මුළු නිවාස ගණන 52කි. නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩුපොළී නිවාස ණය ලබාදී තිබෙන අතර මෙය ද ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදි වූ උදා ගම්මානයකි.
“දෙව්පුදගම” ගම්මානයේ මුළු භූමි ප්‍රමාණය අක්කර 13කට ආසන්න වේ. සෑම නිවසකටම පර්චස් 40බැගින් ලබාදී තිබේ. ගම්මානය විදුලිය හා පිරිසිදු පානීය ජල සැපයුමකින්ද, විධිමත් ව සකස් කළ ප්‍රවේශ හා අභ්‍යන්තර මාර්ග පද්ධතියකින් ද සමන්විතය.

Read more

Local News