“ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය කැළණිය විද්‍යා පීඨ පරිශ්‍රයේදී

Share

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සම සංවිධායකත්වයෙන් සංවිධාන කෙරුණු “ විද්‍යා 2017 ” විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී ආරම්භ විය. අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්.බී.සී.හේරත් සහ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත විය.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට වසර 50ක් සපිරීම නිමිති කරගෙන පැවැත්වෙන ප්‍රදර්ශනයේ අරමුණ ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමයි. දැනුම සහ විනෝදය ලබා දීමේ අංග රාශියක්ද ප්‍රදර්ශනයට ඇතුළත් වේ. ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 02 වන දින සිට 07 වන දින දක්වා මහජන ප්‍රදර්ශනයට විවර වේ.

 

Read more

Local News