ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ ජනපති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ කොළඹ න‌ෙ‌ළුම් පොකුණ රගහලේ දී පැවැත්විණි.

උසස් ප්‍රමිතියෙන් යුත් නිර්මාණශීලී ඡායාරූප කලාවක් ප්‍රචලිත කිරීමේ සහ උසස් ඡායාරූප රසඥතාවක් ඇති කිරීමට දායක වීමේ අරමුණ ඇතිව රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව රාජ්‍ය ඡායාරූප උලෙළ සංවිධානය කරනු ලබයි.

කලාවක් ලෙසත්, වෘත්තියක් ලෙසත් ඡායාරූප ශිල්පය ප්‍රශස්ත තලයට ඔසවා තබා ජාතික හා ජාත්‍යන්තර තලයට රැගෙන යාම වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක නියැලෙන ඡායාරූප ශිල්පීන් අගයමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී සිදුවිය.

ඡායාරූප ශිල්පියෙකුට ජීවිත කාලයේදී එක් වරක් පමණක් හිමිකර ගත හැකි, ඡායාරූප අභිමානී, යාවජීව සම්මානයෙන් ප්‍රවීණ ඡායාරූප ශිල්පී හෙන්රි රාජකරුණා මහතා ජනාධිපතිතුමා අතින් පිදුම් ලැබීය.

Read more

Local News