ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අද දිවයිනට

Share

ත‌ෙදින නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ මහතා අද දිවයිනට පැමිණෙන බව ජපන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙයි‍‍.

රාජ්‍ය අමාත්‍ය නකානේ මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිමට නියමිතව තිබේ.

දෙරටේ ද්විපාර්ශික සබඳතා තවදුරටත් වර්ධනය කිරිමේ අරමුණින් ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ආණ්ඩුවේ අනිකුත් නායකයින් හමුවීමට නියමිත බව එම නිවේදනයේ සඳහන් ය.

මෙම සංචාරය මගින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින පුළුල් සම්බන්ධතාවය තවදුරටත් තහවුරුවේ යැයි ජපන් තනාපති කාර්යාලය අපේක්ෂා කරයි.

Read more

Local News