ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධිවර වරායන්හි ඉදිකිරීම් ලබන වසර මුලදී

Share

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධිවර වරායන්හි ඉදිකිරීම් ලබන වසරේ මුලදී ආරම්භ කිරීම සදහා සියලු කටයුතු සිදු කිරීමට කොරියාව සහ ශ්‍රී ලංකාව අද (28) එකගතාවක් ඇති කර ගත්ත‌ේය.
ඒ කොරියානු තානාපති MR .Lee Heon සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා අතර ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී අද දින පැවති සාකච්ඡාවකදී ය.
       
මෙම බහුකාර්ය ධිවර වරායන් උඩප්පුව, ඩෙල්ෆ්, මාදගල් සහ චලෙයි යන ප්‍රදේශ වල ඉදිකිරීමට සැලසුම් කර ති‌බේ. මෙම සෑම වරායක්ම ධිවර, සංචාරක සහ වාණිජ මෙහෙයුම් සදහා සැලසුම් කර තිබේ.
ඒ අනුව ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධිවර වරාය ලෙස ඩෙල්ෆ් වරායේ ඉදිකිරීම් පරිසර හිතකාමී නගරයක් ලෙස ඩෙල්ෆ් දුපත සංවර්ධන සැලසුමට සමගාමිව ක්‍රියාත්මක කිරීමට තීරණය විය .

Read more

Local News