ජපානයේ හොක්කයිදෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක්

Share

ජපානයේ හොක්කයිදෝ දූපතේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබ‌ෙ‌න බවට විද‌ෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි ප්‍රභලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 6.7 ක් ලෙසයි.

භූ කම්පනයේ බලපෑම හමුවේ හටගත් නායයෑමකින් හොක්කයිදෝ දූපතේ නිවාස රැසකට හානි සිදු වූ අතර ඉන් පූද්ගලයන් රැසක් තුවාල ලබා ඇත.

හොක්කයිදෝ දූපතේ ගොඩනැගිලි මිලියන තුනක පමණ විදුලිය ඇණහිට ඇති බවයි ප්‍රදේශ කිහිපයක විදුලිය ද ඇණහිට ඇති අතර ජපාන බලධාරීන් සඳහන් කළේ.

නායයෑම හමුවේ පුද්ගලයන් රැසක් සිය නිවෙස් තුළ සිරව ඇති අතර මහාමාර්ග ද අවහිර වී ඇත.

හොක්කයිදෝ දූපතේ ඇතැම් ප්‍රදේශවල අධිවේගී දුම්රිය ධාවනය ද නවතා දමා ඇති අතර හොක්කයිදෝහි පාසල් රැසක් වසා දමා ඇති බව ද සඳහන් වේ.

Read more

Local News