ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක්

Share

මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම් දෙකකින් අැෆ්ගනිස්ථානයේ,කාබුල් නුවර රෙස්ලින් ක්‍රීඩා සංකීර්ණයක සිදුවූ පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 70කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

ප්‍රහාරයෙන් ටෝලෝ පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ. කාබුල් නුවර ෂියා මුස්ලිම්වරුන් බහුලව ගැවසෙන දිස්ත්‍රික්කයක් තුළ මෙම ප්‍රහාරය සිදුව ඇති බව ආරක්ෂක අංශ පවසයි.

එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිය බෝම්බය පුපුරුවා ගනිමින් පුද්ගලයන් සිව්දෙනෙකුට මරු කැඳවන විට, තවත් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එම ස්ථානයට පැමිණි මුදාගැනීමේ කණ්ඩායම් ඉලක්ක කරමින් ඉන් සුළු මොහොතකට පසුව මෝටර් රථයකින් පැමිණ දෙවැනි ප්‍රහාරය එල්ල කර ඇත.ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, මෙය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ ප්‍රහාරයක් විය හැකි බවට විශ්වාස කෙරෙයි.

Read more

Local News