ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරඟයට

Share

ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ මූලික වටය ජය ගැනිමට ලංකාව සමත් විය. ඒ අනුව ලබන සෙනසුරාදා ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතය.

ඊයේ තරගයේ පළමු කාර්තුවේ මුල් භාගය කරට කර සටනක් පැවැතුණද ස්වකීය අත්දැකීම් උපරිම ආකාරයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමු කාර්තුවේ ජය වාර්තා කළේ ලකුණු 18-13ක් ලෙසය. ගෝල රකින ක්‍රීඩිකාව ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නායිකා ශානිකා චතුරංගි ජයසූරිය මෙන්ම ප්‍රතිවාදී ගෝල ආක්‍රමණයන් හැකිතාක් දුරට පාලනය කිරීමට ක්‍රීඩා කරන ගයනි දිසානායක සහ ගයාංජලී අමරවංශ සෙසු ක්‍රීඩිකාවන් අතරින් කැපී පෙනුණි.

තරගයේ දෙවැනි කාර්තුව අවසන් වනවිට ලකුණු තත්ත්වය 39-25 ක් විය. එම කාර්තුවේ දි පමණක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 21ක් එක්වද්දී ප්‍රතිවාදීන් ලබාගත්තේ පළමු වටයටත් වඩා එක් ලකුණක් අඩුවෙනි. ශ්‍රී ලංකා පිලේ ගෝල මැෂිම ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම් ප්‍රතිවාදීන්ට අභියෝගයක් වෙමින් තමන්ට ලැබෙන බොහෝ අවස්ථාවන් සාර්ථක කරගැනීමට සමත් වූවාය.තෙවැනි කාර්තුව අවසන් වුණේ ලකුණු 15–10ක් ලෙස සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවට ජයගෙන දෙමිනි. සිව්වැනි ශ්‍රී ලංකාව ජය ලැබුවේ ලකුණු 17-13ක් ලෙස ලබාගනු ලැබිය.

Read more

Local News