සිරකරු සැමරුම් දින පළමු කොඩිය ජනපතිට පළඳවයි

Share

සිරගතවූවන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින්, සෑම වසරකම සැප්තැම්බර් මස 12 වැනිදාට යෙදෙන ජාතික සිරකරු දිනයට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන කොඩි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවීය.

ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව මෙම කොඩි සතිය වාර්ෂිකව කි්‍රයාත්මක කරනු ලබන අතර, සිරකරුවන් උදෙසා වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීම, සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු සිරකරුවන්ගේ පවුල් වෙනුවෙන් විවිධ ප්‍රජා සත්කාර දියත් කිරීම මෙමගින් සිදු වේ.

Read more

Local News