මුහුදු කූඩැල්ලන්, මුහුදු අශ්වයින් තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Share

බලපත්‍ර නොමැතිව වියලන ලද මුහුදු කූඩැල්ලන් හා මුහුදු අශ්වයින් තොගයක් අපනයනය කිරීම සදහා ළඟ තබාගෙන සිටි චීන ජාතික පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව කිඹුලපිටිය ප්‍රදේශයේ නිවසක සිට මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ, මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (11) මෙම වැටලීම සිදු කර ඇති බවයි.
සැකකරු සතුව තිබී වියළන ලද මුහුදු අශ්වයින් කිලෝග්‍රෑම් පහයි ග්‍රෑම් පන්සියයක් සහ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 34 කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට හැකිව තිබේ.
සැකකරු අද දින(12) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News