ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ජනපති හමුව‌ෙයි

Share

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනාගත් ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම ඊය‌ේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

එම කී‍්‍රඩිකාවන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා ඔවුන් වෙත සිය සුභාශීංසන පිළිගැන්වී ය.

තරඟාවලියේ දී කැපී පෙනන දස්කම් දක්වමින් ශී‍්‍ර ලංකා මාතෘ භූමියට අත්කර දුන් කීර්තිය පිළිබඳව ද මෙහිදී කී‍්‍රඩිකාවන් වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉදිරි කී‍්‍රඩා කටයුතු සාර්ථක කර ගැනීමට සිය ආශිර්වාදය පළ කළේය.

එමෙන්ම එම කටයුතු සඳහා රජයෙන් ලබාදිය හැකි සෑම අනුග‍්‍රහයක්ම ලබාදෙන බවද ප‍්‍රකාශ කළේය.

අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා, කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

Read more

Local News