අද පළාත් කිහිපයකට තද වැසි

Share

උතුරු මැද සහ ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (21) නිකුත් කළ නිවේදනයේ දැක්ව‌ෙයි.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක

වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Read more

Local News