ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ත‌ෙවන ස්ථානය

Share

ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානයට පත්වෙයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ඊයේ තරගාවලියේ අවසන් දිනයේ පැවැති තුන්වැනි ස්ථානය තේරා ගැනීමේ සටනේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරඟ වට 3-0කින් බංග්ලාදේශය පරාජයට පත් කළේය.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ අතර තරඟයේ මුල සිටම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අණසක පැතිරවූ අතර ලකුණු තත්ත්වය වූයේ 25-16, 25- 17 හා 25- 17ක් ලෙසය. එම ප්‍රතිඵලය අනුව බංග්ලාදේශය මේ තරගාවලියේ සිවුවැනි ස්ථානයට පත්විය.

Read more

Local News