වල්අලි පහරදීමකින් පුද්ගලය‌ෙක් මරුට

Share

යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ මැදවච්චිය, ඉසන්බැස්සගල පූනෑව ඉසිපතන මහා විද්‍යාලය ආසන්නයේදී වල් අලි පහරදීමෙන් ඊයේ (21) රාත්‍රියේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව මැදවච්චිය පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ යතුරුපැදියකින් පූනෑව කිඩවරන්කුලම ප්‍රදේශයේ සිට මැදවච්චිය බලා ධාවන කළ පිරිසකට වල් අලි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මියගිය පුද්ගලයාගේ සිරුර මැදවච්චිය රෝහලේ තැන්පත් කර ඇති අතර, තුවාල ලැබු පුද්ගලයා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය සදහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News