Tuesday, March 19, 2024.

ජනපති නිව්යෝර්ක් නුවර වෙත – නෙල්සන් මැන්ඩෙලා සාම සමුළුව අද ඇරඹේ

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ (23) රාති‍්‍රයේ නිව්යෝර්ක් නුවර ජෝන් එෆ් කෙනඩි (John F Kennedy) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරන අතර, ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.

Read more

Local News