ලෝක බැංකු‍‍වේ දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්ත උත්සවය සෞඛ්‍ය ඇමති ප්‍රධානත්වයෙන්

Share

ලෝක බැංකු‍‍වේ දෙවන සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්ත උත්සවය සෞඛ්‍යපෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ලේක් සයිඩි හෝටලයේ දී පැවැත්විනි.

මෙහිදී මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය දැක්වූවන්ට සම්මාන සහතික පිරිනැමීම ද සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සිදු කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට සම්මාන සහතික පිරිනැමීම සිදු කළ‌ේය.

ලෝක බැංකුවෙන් බෝනොවන රෝග පාලනය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා සංවර්ධනය සදහා ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් ලැබී ඇති බවත් එහි සේවා කටයුතු ඉදිරි මාස 02 තුල ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

Read more

Local News