පෙරපාසල් සිසු සිසුවියන්ගෙන් ආදර්ශමත් ඩෙංගු මර්දන වැඩසටහනක්

Share

පාසල් ඩෙංගු මර්දන සතියට සමගාමීව හැටන් නගරයේ පෙර පාසලක සිසු සිසුවියන්ගෙන් කැලි කසල බැහැර කිරිම , කැලි කසල ප්‍රතිචක්‍රිකරණය සහ ඩෙංගු මර්දන වැඩසටහන පිලිබඳ දැනුවත් කිරිමේ පාගමනක් අද (26) හැටන් නගරයේදි පවත්වනු ලැබීය.

හැටන් රෙහාබොත් පෙර පාසලේ සිඟිත්තන් ඔවුනගේ දෙමාපියන් සමඟ එම පෙරපාසලේ සිට හැටන් නගරය හරහා ගමන් කරමින් මෙම දැනුවත් කිරිමේ වැඩසටහන දියත් කරනු ලැබීය.

එම පාගමනේදි පෙරපාසල් සිසු සිසුවියන් විසින් පාරිභෝගිකයන් විසින් අක්‍රමවත් ලෙස නගරයට බැහැර කර තිබු  කැලි කසල ඉවත් කරමින් මෙම දැනුවත් කිරිමේ පාගමනේ නියැලිණි.

ඩෙංගු මර්දන දැනුවත් කිරිමේ වැඩසටහනට අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි ක්‍රිෂාණ්  පේමසිරි, හැටන් පොලිසියේ නිලධාරින් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සහ නිලධාරින් රැසක් සහභාගි වි සිටියේය.

මෙම පෙරපාසලේ සිඟිත්තන් විසින් ඉවතලන ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු ඝණ අපද්‍රව්‍ය්‍ය වලින් විවිධ අයුරින්  නිරමාණ සාදා එයද එම  නිර්මාණද පෙර පාසලේ ප්‍රදර්ශනය කර තිබිණි

Read more

Local News