ගාල්ල දිස්ත්‍රික්කය ගම් පෙරළියට සුදානම් – ව්‍යාපෘති 1275ක් අනුමතයි

Share

ගම්පෙරළිය ව්‍යාපෘතිය ගාල්ල දිස්ත්‍රික්කය තුළ ආරම්භ කිරීමට මුලික සැලසුම් සකස් කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැලසුම් ඒකකය විසින් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුලික සැලසුම් සකසනු ලබන අතර මෙම ව්‍යාපෘති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් අනුමැතිය ග්‍රාමීය ව්‍යාපෘතින්වේ.

ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මැතිවරණ බල ප්‍රදේශ 10ම ආවරණය වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් පවතී. එමෙන්ම සියලුම ප්‍රාදේශිය ලේකම් කාර්යාල අධික්ෂණය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සිදුවේ.

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ව්‍යාපෘති 1275ක් මෙසේ අනුමත වී ඇත.

Read more

Local News