කොවිල් දෙකක් කඩා රන් ආභරණ සහ පින් කැටයේ තිබු මුදල් සොරා ගනි

Share

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතු යායේ මැද කොටසේ පිහිටි හින්දු කොවිල් දෙකක් කඩා දේව රුපවලට පලදවා තිබු රන් ආභරණ සහ පින් කැටයේ තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.

අද (27) අලුයම මෙම කොවිල් දෙකේ ඉදිරිපස දොරටුව කඩා කොවිල තුලට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

කොවිල් දෙකේම දොරවල් අලුයම විවෘත කර තිබෙන බව වතු කම්කරුවෙකු දැක ඒ පිලිබදව එම කොවිල භාර පුජකවරයාට දැනුම් දිමෙන් අනතුරුව පුජකවරයා විසින් එ පිලිබදව බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.

සොරකම සම්බන්ධයෙන් බගවන්තලාව පොලසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News