Facebook ගිණුම් මිලියන 50 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක්

Share

Facebook ගිණුම් මිලියන 50 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජනයක් මතුවී ඇති බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් සැක මතුවීමෙන් පසුව Facebook සමාගමේ ඉංජිනේරු අංශය සිදු කළ අධ්‍යයනයකදී මේ බව තහවුරු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම තත්ත්වය මේ වන විට යථාතත්ත්වයට පත් කර ඇති බව Facebook සමාගම සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් පළ කරමින් Facebook සමාගමේ ප්‍රධානි මාක් සකබර්ග් පවසා ඇත්තේ, කොතරම් ගිණුම් ප්‍රමාණයක් අවභාවිත වී ඇති ද යන්න සම්බන්ධයෙන් තවමත් නිෂ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවයි.

Read more

Local News