දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කරයි

Share

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් තිදෙනෙකු අගවිනිසුුරුවරයා විසින් පත් කර තිබේ.

ඒ අනුව වානිජ මහාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ, මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ කොළඹ මහාධිකරණ විනිසුරු ශශී මහේන්ද්‍රන් මෙලෙස පත් කර ඇත.

මහා පරිමාණයේ මූල්‍ය වංචා හා දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් විශේෂ මහාධිකරණ තුනක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි විය.

ඒ අනුව අධිකරණ සංවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය තීරණය කර ඇත.

Read more

Local News