මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක්

Share

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී ඊය‌ේ (04) දින තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සම්බන්ධය‌ෙ‌න් මට්ටක්කුලිය පා‌ෙලිස් ස්ථානයට ලද ත‌ොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අදාල පුද්ගලයා බිරිඳ සහ දරුවන් සමඟ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් ඇති වූ ඇති වූ ආරවුලක් ඝාතනයට හේතු වී ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේම පදිංචිව සිටි 29 හැවිරිදි පුද්ගලයෙක් බව අනාවරණය වී තිබේ.

ඝාතනය සිදු කළ සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිම සඳහා මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News