සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

2018 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛතී්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මෙරට හතළිස් පන් ලක්ෂයක් වූ පාසල් සිසු දරු දැරියන්ගේ ශාරිරික සුවතාව හා ක්‍රීඩා කෞශල්‍යය නගාසිටුවීම හා ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හදුනාගෙන ඔවුන්ගේ නිසග හැකියාවන් ඔප මට්ටම් කරන, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උලෙළ 34 වන වරටත් ඔක්තෝබර් 01 දා සිට 05 වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මෙරට පාසල් දූ දරුවන් 39,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලිය තරග ඉසව් 29 කින් සමන්විත විය.
තරගාවලියේ ජයග්‍රාහකයන්ට ජය සංකේත ප්‍රදානය කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

Read more

Local News