හිංසාකාරීව ගවයන් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Share

ව්‍යාජ ලියකියවිලි සකස් කරමින් හැටන් නොර්වුඩ් සිට වව්නියාව මන්කුලම් දක්වා ගවයන් හත් දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු හැටන් කෙට්ඨාශ රථ වාහන අංශයේ නිලධාරින් විසින් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.


මෙම ලොරි රථය තුළ එළ ගවයන් පස් දෙනෙකු සහ පැටවුන් දෙදෙනෙකු හිංසාකාරි ලෙස ගැටගසා තිබු බවයි වාර්තා වන්න‌ේ.

මෙම ගවයන් සත්ත්ව ගොවිපලකට රැගෙන යන බව සැකකරුවන් පැවසු බවත්, එය තහවුරු කිරිමට ප්‍රමාණවත් නිත්‍යානුකුල ලියකියවිලි සැකකරුවන් සන්තකයේ නොතිබුණු බවයි මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා පැවසු‌වේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, ලොරි රථය සහ ගවයන් අද (12) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News